කළුබෝවිල රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා

Advertisement

කළුබෝවිල ශික්ෂණ රෝහලේ කොරෝනා වාට්ටුවේ සේවය කළ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුටද ද වෛරසය ආසාදනය වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

අදාළ සේවකයා ඉකුත් 15 වැනිදා අවසන් වරට සේවයට පැමිණ තිබූ අතර රෝග ලක්ෂණ හේතුවෙන් පීසීආර් පරීක්ෂණයකට යොමු වී තිබුණි.

ඔහුගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් කාර්ය මණ්ඩලයේ 40 දෙනෙකු පමණ පීසීආර් පරීක්ෂණවලට යොමු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *