ජනිපෙ යෝජනා පිළිගත්තත් නැතත් 20 ට සහය දෙනවා – විමල්

Advertisement

තම පක්ෂයේ යෝජනා පිළිගත්තද නොගත්තද 20 වන සංශෝධනයට සහය ලබා දෙන බව අමාත්‍ය විමල වීරවංශ මහතා පවසයි. සති අග ලංකාදීපයට අදහස් දක්වමින් ඔහු මේ බව පැවසා ඇත.

එහිදී ඇසූ ප්‍රශ්න කිහිපයක් සහ ඔහු ලබා දුන් පිලිතුරු.

ප්‍රශ්නය – 20ට විරෝධය පළ කරලා ඔබ අගමැතිවරයාට ලිපියක් යොමු කළා?

පිළිතුර – මම නොවෙයි ඒ ලිපිය යොමු කළේ. අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය වෙනුවෙන් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා තමයි ඒ ලිපිය යොමු කළේ.

ප්‍රශ්නය – ඒ ලිපියේ අන්තිමට තියෙනවා එහෙම විරෝධය පළ කළාට ආණ්ඩුව ආරක්ෂා කරනවා කියලත්?

පිළිතුර – එහෙම නෙමෙයි ඒකෙ තියෙන්නේ. කවර තත්ත්වයක් තුළ වුවත් අපි 20 වැනි සංශෝධනයට සහයෝගය දෙනවා කියලා.

ප්‍රශ්නය – ඒ කියන්නේ පෙනේ පිප්පුවාට දෂ්ට කරන්නේ නෑ?

පිළිතුර – නෑ. දෂ්ට කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පෙනේ පුප්පන්න ඕනෑ වෙන්නෙත් නෑ. ඒ නිසා ඔබේ උපමාව නිවැරැදි නෑ. මෙතැන පෙනේ පිප්පිල්ලකුත් නෑ, දෂ්ට කිරීමකුත් නෑ.

ප්‍රශ්නය – එහෙම නම් මොකක් ද වෙන්නේ?

පිළිතුර – මෙතැන තියෙන්නේ 20 වැනි සංශෝධනයේ අපි දකින අඩුපාඩු තුනක් අපි පෙන්වලා දීලා තියෙනවා. ඒවා සංශෝධනය වනු ඇතැයි අපි විශ්වාස කරනවා. සංශෝධනය නොකළත් විරුද්ධ පක්ෂයේ ඉන්න මේ රටේ හතුරු කල්ලිවලට සතුටුදායක තීන්දු ගන්න අපි බලාපොරොත්තු වෙන්නේ නෑ.

ප්‍රශ්නය – ඔබලා ඉදිරිපත් කරපු සංශෝධන ආණ්ඩුව පිළිගන්නේ නෑ. ඒ කියන්නේ ඔබලා මේ වනවිටත් කරපිංචා බවට පත්වෙලා?

පිළිතුර – මෙහෙමයි, ගණන් ගැනීම හෝ නොගැනීම අපට වැදගත් නෑ. මහජනයා ගණන් ගනන්වා ද නැද්ද කියන එකයි අපට වැදගත්. අපි පක්ෂ ගණනාවක් තියෙන ආණ්ඩුවක්. එතකොට අපි ඉදිරිපත් කරන අදහස් ගෙඩිය පිටින්ම ගන්න අවස්ථාත් තියෙනවා. අර්ධ වශයෙන් පිළිගන්න අවස්ථාත් තියෙනවා. නොපිළිගන්න අවස්ථාත් තියෙනවා. ඒ තත්ත්වයන් තුනටම සන්ධානයක් තුළදී මුහුණ දෙන්න වෙනවා. අපි දරන මතයම ක්‍රියාත්මක වෙන්නේ අපි විතරක් රට පාලනය කරනවා නම් විතරයි. එහෙම තත්ත්වයක නොවෙයි අපි දැන් ඉන්නේ.

ප්‍රශ්නය – ව්‍යවස්ථාව සම්බන්ධ කාරණාවේදී ඔබව නොතකා හරිනවා කියන්නෙම ඔබේ දේශපාලන අභිමානයට කැළලක්?

පිළිතුර – දැනටමත් අපි දරන මතයට අනුව වෙනස් වෙච්ච ඒවා තියෙනවා. අපි ඉදිරිපත් කරපු සමහර කරුණු පිළි අරගෙන තියෙනවා. මෙතැනදි අපි හිතනවා හදිසි පනත් කියන කාරණාවත්, විගණනය සම්බන්ධ කාරණාවත් සංශෝධනය වෙයි කියලා. නොවුණොත් වෙන්නේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ කාරණාව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *