කොළඹ නගර සභාවේ සේවිකාවකගේ මවට කොරෝනා

Advertisement

කොළඹ මහ නගර සභාවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පී.සී.ආර්. පරික්ෂනයට භාජනය කිරීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇති බව වාර්තා වේ.

මෙම තීරණය ගෙන ඇත්තේ, එහි කාර්ය මණ්ඩල සාමාජිකාවකගේ මවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වීමෙන් පසුවය.

නගර සභාවේ ප්‍රකාශකයෙකු පැවසුවේ අදාළ සේවිකාවගේ මව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගලුම් කම්හලේ සේවිකාවක් වන බවය.

නගර සභාවේ සේවිකාව මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බවද වාර්තා වේ.

ඇය කොළඹ නගර සභාවේ ව්‍යාපෘති අංශයේ සේවිකාවක් වන අතර ඒ අනුව ව්‍යාපෘති අංශයේ සියලු කාර්ය මණ්ඩලය සහ සෙසු අංශවල අහඹු ලෙස තෝරාගනු ලබන සේවක සේවිකාවන් පී.සී.ආර්. පරික්ෂණයට ලක් කිරීමට නියමිත බව නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *