පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීටයි රනිල්ටයි දඩුවම් කල යුතුයි – ෆොන්සේකා

Advertisement

පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් භාරගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියාසිටියේය.

“පාස්කු ප්‍රහාරය ගැන කථා කරනවා නම් ඒකේ වගකීම ගන්න ඕනේ, මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ. කැබිනට් එකේ හිටියා කියලා, අනිත් අයට බෑනේ ඒවට ඇඟිලි ගහන්න. ඒ දෙන්නට තමයි ඒක මෙහෙයවන්න වගකීම තිබ්බේ. අසාර්ථකභාවයක් තිබ්බානම් ඒකේ සම්පූර්ණ වගකීම ඒ දෙන්නා ගන්න ඕනේ. රටේ ආරක්ෂාව කියන එක රටේ ඉන්න හැමෝටම ඇඟිලි ගහන්න පුළුවන් දෙයක් නෙමෙයි නේ.“ 

ප්‍රශ්නය – බුද්ධි අංශ ගැන දැනුවත් වීමක් තියෙන ඔබ තුමා වගේ ඇයි නිහඬව සිටියේ ? ඒ කාලේ ඔබ තුමන්ට එළිපිට මේ ගැන කථා කරන්න රටේ ආරක්ෂාව අනතුරේ කියලා.

“කැබිනට් මණ්ඩලයේ ඉන්න කොට ආරක්ෂාව ගැන කථා කරන්න පුළුවන් ඒ ආරක්ෂාවට අදාළව වගකීම් පැවරෙන අයට විතරයි. මට තිබුණේ වනජීවි. එතකොට මගේ රාජකාරිය තමයි වනජීවි එක ගැන කථා කරන එක. පුද්ගලිකව අපි ඒ අයට කථා කරලා තියෙනවා. නමුත් රාජකාරී මට්ටමෙන් කථා කරන්න බෑ. නමුත් අපි කිව්ව දේවල් එයාලා කවදාවත් තේරුම් ගත්තේ නෑ. ජනතාවගේ ජීවිත මහා පරිමාණයෙන් නැති වුණා. ත්‍රස්තවාදයක් නිර්මාණය වුණා. අනිවාර්යයෙන් ඒ දෙන්නට ඒකට අදාළ බරපතළ දඬුවම් දෙන්න ඕනේ“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *