ධම්මික, රවී බදු වංචාවක.. නීතිමය ක්‍රයාමාර්ග ගැනීමට සැරසෙයි !

Advertisement

කොටස් වෙළඳ පොළ ප්‍රභල ව්‍යාපාරිකයන් දෙනෙනෙකු වන ධම්මික පෙරේරා සහ රවී විජේරත්න යන දෙදෙනා විසින් අදායම් බදු ගෙවීම පැහැර හැර ඇති බැවින් ඒවා අය කරගැනීම උදෙසා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මොවුන් දෙදෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග වෙත පිවිස ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මොවුන් පැහැර ඇති අදායම් බදු ප්‍රමාණය බිලියන තුනකට ආසන්න බවද සඳහන් වේ.

මෙලෙස බදු ගෙවීම පැහැර හැර ඇති ව්‍යාපාරිකයන් රැසකට එරෙහිව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බවත් ප්‍රබල ව්‍යාපාරිකයන් මෙලෙස බදු ගෙවීම පැහර හැරීම මගින් වක්‍ර බදු අය කර ගැනීමට සිදුවීම හරහා දුප්පත් ජනතාව පීඩාවට පත්වන බවත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *