හරීන් ගෙන් නොලැබුනු හෙන්ද්‍රි පේදිරිස් ක්‍රීඩාංගනය නාමල්ගෙන් ඉසිපතනට ලැබෙයිද

Advertisement

පහුගිය කාල පරිච්චිචේදයේ කොලඹ පාසල් අතරින් කතාබහට ලක්වූ පාසලක් තමයි කොලඹ ඉසිපතනය සහ ඔවුන්ට ක්‍රීඩා පිටියක් නොමැතිබව , නමුත් එයට පිලියමක් වශයෙන් හිටපු ක්‍රීඩා ඇමති හරීන් ෆර්නන්ඩො මහතා යම් ක්‍රියාමාර්ග ගත්තද තවවමත් පේද්‍රිස් ක්‍රීඩා පිටිය සම්පූර්ණ වශයෙන් ඉසිපතනයට නොලැබී ඇති බැවින් ඒ පිලිබද සොයා බැලීමට ස්‍රී ගොසිප් අප කටයුතුකරා ඉතින් ඒ ගමනේ හමුවු Isipathana college Online Information Centre හී , Administrator රමේෂ් රුශන්ත සිල්වා සමග කල කෙටි සංවාදයයි මේ ..

1 – ඔබ කවුද .. – මම රමේශ් රුශන්ත සිල්වා , Isipathana College Online Information Centre හී Admin විදියට කටයුතු කරනවා .

2 – රැකියාව ? – එක්තරා පුද්ගලයෙක්ට හිමි පෞද්ගලික නැවක සේවය කරනවා .

3 – ICOIC කියන්නෙ කුමක්ද ? – Isipathana College Online Information Centre . මේක අපි හැදුවෙ 2008 දි, පාසලේ වෙන සියලුම පුවත් ලංකාවෙන් පිට සිටිනා ආදි ඉසිවර්‍යන්ට ලබා දීමේ අරමුනෙන් .

4 – මෙය ක්‍රීයාත්මක වෙන්නේ කොහොමද ? – අපිට හුගක් පාසලේ සිසුවන් , ආදිසිසුවන් , ගුරුවරුන් සහ වෙනත් කාර්‍යමන්ඩල වලින් එදිනෙදා සිදුවෙන ක්‍රියාකාරකම් ගැන දැනුවත් කරනවා . ඒ ලැබෙන පුවත් හරි හෝ වැරදි බවට සනාත කරන්න තව පිරිසක් යොදවලා පසුව එය සමාජ ගත කරනවා .

5 – පාසලේ හොද මෙන්ම නරකත් ඔබ සමාජගත කරනවා නේද ? – අනිවාර්යයෙන්ම ඔවු . ඇග තුල පිලිකාවක් තිබෙනවානම් ඒක ලැජ්ජාවට හංගන් හිටියොත් පිලිකාව උඩු දුවලා අපි මැරෙනවා .. ඉතින් ඊට කලින් අපි කපලා දාන්න ඕන . ඒවගේ තමයි පාසල තුල අක්‍රමිකතාවක් වෙනවනම් හෝ එයට අදාල පුද්ගලයාව පාසලෙන් නෙරපන්න කටයුතු කරන්න දෙපාරක් හිතන්නෙ නෑ .

6 – ICOC එකෙන් පාසලට කරපු දේවල් ? –
සෑම අවුරුද්දකම අපි පාසලට පරිත්‍යාගයක් දෙනවා මීට අමතරව රගර් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා උතුරු වසංතය සහ ලංකාවේ රගර් ක්‍රීඩා කරන කුඩා පාසල් වලට අපි පරිත්‍යාග ලබා දුන්නා

7 – පේදිරිස් ක්‍රීඩා පිටියට මොකද උනේ ? –
ඇත්තම කියනවනම් කුමක් ඌවද හිතා ගන්නට බැහැ ,ඒත් කිසිම ඇගිල්ලක් දික් කර නොහැකී .. හරීන් ප්‍රනාන්දු මහතා ඔහුගේ Rugby jersy එක වෙන්දේසි කර පාසලට මුදල් ලබාදුන් එකට දහස් වාරයක් ස්තූතිවන අතර පොරොන්දු පරිදි ක්‍රීඩා පිටිය නොලැබුන එක ගැන කනගාටු වෙනවා . ඒකත් එක්තරා මාධ්‍ය සංදර්ශනයක් පමනයි .

8 – පාසලට ක්‍රීඩා පිටියක් අවශ්‍යා ඇයි .. – ඉසිපතනය කියන්නෙ ශ්‍ රීලංකා රගර් ක්‍රීඩාවෙ ඉන්න රජවරු .විටෙන් විට ආදිපත්‍ය බිද වැටුනත් අපේ ස්තාවර අදටත් එදා වගේමයි . අපේ පාසලින් තමයි වැඩ්ම ක්‍රීඩකයන් ප්‍රමානයක් ජාතික රගර් කන්ඩායමට බිහිකර ඇත්තේ .. ඒවගේම ශුරතා වලට හිමි කම් කියන්නෙ .. මේ හැමදෙයක්ම අපි කරේ හිතේ ශක්තිය සහ කැපවීමෙන් . වෙන පාසල් වල වගේ අපිට ලොකු ,Gym නෑ .. පිහිනුම් තටාකයත් මෑතක නිපදවූවක් . නමුත් අපිට හොද ආදි සිසුවන් , දෙමවුපියන් සහ හිත හයිය සිසුවන් පිරිසක් ඉන්නවා . එදා මෙදා තුර ඉසිපතනයේ රගර් රහස එයයි .
ඉතින් ක්‍රීඩා පිටියක් නැතිව අපිට මෙහෙම රටට සේවයක් කරන්න පුලුවන් උනානම් ක්‍රීඩා පිටියක් තිබුනොත් ඉතා හොද සේවයක් කල හැකී . විශේෂයෙන් රගර් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා .

9 – යහපාලන ආන්ඩුව කාලේ ක්‍රීඩා පිටිය ලැබුනෙ නැද්ද ? – සම්පූර්ණයෙන්ම ලැබුනෙ නෑ . විටෙන් විට ක්‍රීඩ කරන්න අවස්තාවක් පමනයි .නමුත් Ground conditions මදි රගර් වගේ ක්‍රීඩාවකට . අපිටම ලැබුනනම් එය හදලා ගන්න පුලුවන් . තවද පේද්‍රිස් ක්‍රීඩාන්ගනය මා දන්නා පමනින් අයිතිය ඇත්තේ නගර සභාවට ඉතින් ක්‍රීඩා අමාත්‍යාංශය සහ නගර සහාව එකතුවී මෙය පාසලට ලබා දියයුතුයයි මා විශ්වාස කරනවා ( වැරදීනම් සොයා බලන්න ) නමුත් යහපාලන ආන්ඩුව කාලේ මාද්‍ය සංදර්ශන කිහිපයක් කරා පමනයි .

10 – අලුත් ක්‍රීඩා ඇමති ගැන මොකද හිතන්නෙ – නාමල් ඇමති වරයා ක්‍රීඩා කරපු ක්‍රීඩවට කැමති කෙනෙක් . විශේෂයෙන් රග්බි ක්‍රීඩකයෙක් . ඉතින් පාසල් බේදයක් තොරව රාජ්‍ය සේවයකයකු ලෙස කටයුතු කරයි කියා සිතනවා . රගර් ක්‍රීඩයකයු ලෙස ඉසිපතනය ගැන අනිවාර්යයෙන්ම හොද ආකල්පයකින් බැලිය යුතුමයි . ඒ බව මම විශ්වාස කරනවා .

11 – තව මොනාද බලාපොරොත්තු වන්නෙ . – ඉසිපතනය වෙනුවෙන්නම් මම බලාපොරොත්තු වන්නෙ පේද්‍රිස් ක්‍රීඩා පිටිය පමනයි . ඒත් රටේ සියලුම ක්‍රීඩාවන් වලට හොද දෙයක් කරාවි යයි සිතනවා ..ඒ වගේම ගිය වර සිටි ඇමති වගේ තමන්ගෙ පාසලේ කුඩා කල සිට ක්‍රීඩාකරපු අය බංකුවේ වාඩිකරවලා පිටින් ක්‍රීඩකයන් ගෙනල්ලා තමන්ගේ පාසලේ ක්‍රීඩාව නංවන්න එකක් නැහැ කියා හිතනවා ..එහෙම් උනොත් කිරි හැලියට ගොම දැම්මා වගේ තමයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *