යාපනයේ ළිඳකින් මෝටාර් උණ්ඩ තොගයක් ගොඩ ගනී

Advertisement

යාපනය, වලිකාමම් උතුර, කුරුම්බසිටිට් ප්රදේශයේ ළිඳක තිබී පොලිසිය විසින් මෝටාර් උණ්ඩ ඇතුළු පුපුරණ ද්රව්ය තොගයක් සොයාගෙන තිබෙනවා.
මෙම ළිඳ පවිත්ර කරන අවස්ථාවේ එහි පතුලේ තිබී හමුවූ පුපුරණ ද්රව්ය සම්බන්ධයෙන් ඉඩම් හිමියා කළ දැනුම්දීමකට අනුවයි පොලිසිය මෙම පුපුරණ ද්රව්ය තොගය සොයාගෙන ඇත්තේ.
අනතුරුව මල්ලාකම් මහේස්ත්රාත් අධිකරණ නියෝගයකට අනුව පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්රීය අංශය හා යුද හමුදා නිළධාරීන්ගේ සහය ඇතිව පුපුරණ ද්රව්ය තොගය ගොඩගෙන තිබෙනවා.
ළිඳ තුළ තිබී මිලිමීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 50ක්, මිලිමීටර 60 මෝටාර් උණ්ඩ 33ක්, ආර්.පී.ජි. උණ්ඩ 06ක් සහ පැරා උණ්ඩ 12ක් ඇතුළු පුපුරණ ද්රව්ය සොයාගෙන තිබෙනවා.
මෙම පුපුරණ ද්රව්ය තොගය නැවත ප්රයෝජනයට ගැනීමේ අපේක්ෂාවෙන් එල්.ටී.ටී. සංවිධානය විසින් යුධ සමයේ ළිඳ තුළ සඟවා තබන්නට ඇති බවයි ආරක්ෂක අංශ සැකපළ කරන්නේ.
මෙලෙස සොයාගත් පුපුරණ ද්රව්ය නිශ්ක්රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්රීය අංශය වෙත ලබාදී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පලාලි පොලිසියයි වැඩිදුර පරීක්ෂණ සිදුකරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *